Monday, August 5, 2024

 ආදරය සුන්දරයි  ප්රේමයෙන් වෙලෙනකොට

සැහැල්ලුයි ආදරය නුඹේ ලග හිදිනවිට

මුලු ලොවම මගෙ සිතෙයි නුබෙ සෙනේ දැනෙන විට

හැම හීන ගිනි ගනී නුඹ ඇගෙයි කියන විට




Tuesday, July 30, 2024

 පිවිතුරුයි ආදරය සුදු පාට තරමටම

ලෙන්ගතුයි නුඹ සිතට ගීතයක් පමනටම

කතන්දර පොත්වලින් පෙර කියූ විදිහටම

සිපගන්න හිතයි මට නුබේ ඔය නිල් නුවන




Tuesday, July 23, 2024

 හෙමින් සැරේ කටු ඇන්නට

ලේ ගලන්නෙ නෑ

රෝස මලක් කවදාවත්

සුවද දෙන්නෙ නෑ

කොයි තරම්ම ඉවසූවත්

ඇය හැරෙන්නෙ නෑ




ලස්සනම කවියකට බෝ අරුත් ඇහිදින්න

නොගැලපෙන පදයකට අලුත් පද ගලපන්න

හදක් නැති අහසකට තරුවක්ව පායන්න

ක්ශිතිජයම මුලාවක් බව දැන් ඉතින් පිලිගන්න


Wednesday, July 10, 2024

 ගිම්හානෙ ලන් වුනත් නුඹ හිතේ රදෝගෙන

ලගම එන වසන්තය ගැන හීන මවාගෙන

මැයි ගහෙන් බිම වැටෙන් මල් දෙසත් බලාගෙන

මන් ඉදී මෙහෙම්මම පැත්තකින් වාඩිගෙන

 

 

දැනෙන හැම රිදුමක්ම ආදරෙන් දරාගෙන

ඇගෙ නමින් ගයන ගී මගෙ නමින් අසාගෙන

නුඹ නැතිව ගෙවෙන දින එකින් එක ගෙවාගෙන

මන් ඉදී මගෙ ලෝකෙ තනියෙන්ම හදාගෙන



Wednesday, July 3, 2024

 නුඹ යන්න නොගිහින්ම බැයි නම්

යලි එන්න ඉක්මනින්ම හැකි නම්

දැන් ඉතින් හීන පොදි අවසන්

මට දෙන්න මතකයන් පමනක්




Tuesday, June 25, 2024

 සමා වුව මැන සුපෙම්වත මට

අවසරයි සමු ගන්න මා හට

මහට පිදු සෙනේ ඇයට දුන් සඳ

රැදෙනු කුමටද තවත් පෙර ලෙස




Tuesday, June 18, 2024

ගන් ඉවුර සිප ගන්න මගේ කදුලැලි

ගන් ඉවුර සිප ගන්න මගේ කදුලැලි වලින්

නිතරෝම අසනවලු ගන් ජලය හෙමි හෙමින්

ආදරෙන් එකින් එක එකතු කළ මතකයන්

ඇයිද දිය කරලන්නෙ උණුම උණු  කදුලකින්