කවිකාර සුපෙම්වත සොරෙන් ඉගි බිගි පාන
ජීවිතේ මාවතේ එහෙ මෙහේ ඇවිද යන
පෙම්වතා නොවේ මම හැකි විටක පෙම් කරන
සුමිතුරා පමනමය හැමදාම ලග රැදෙන
එතනිනුයි ආදරේ ලියවුනේ නුඹේ නමටඔබේ ඔය සිනාවල මගේ නම රැදෙන විටගයන හැම ගීකම මගේ ගැන ගැයෙන විටකියන මං හැමදේම ඔබ හොදින් අසන විටඑතනිනුයි ආදරේ ලියවුනේ නුඹේ නමටපරිගනක තිරය මත දුරකථනෙ පුරාවටනුබ එවපු පනිවිඩම එහෙ මෙහෙ දුවන කොටමගේ හිත එක් කොනක් නුඹේ නම සොයන කොටඑතනිනුයි ආදරේ ලියවුනේ නුඹ නමටසුන්දරම හීනවල නුඹ සෙමින් රැදෙන කොටකවිකාර සැදෑවල නුබ ගැනත් හිතෙන කොටඅපේ ගැන මතකයන් මට සිනා ගෙනෙන කොටඑතනිනුයි ආදරේ ලියවුනේ නුඹ නමටහැම වැඩම මග ඇරන් මා වෙතම රැදෙන විටසති අන්ත එකින් එක මගෙ නමට ලියන විටවැටෙන වැහි බිදු වලින් නුබ මාව රකින විටඑතනිනුයි ආදරේ ලියවුනේ නුඹ නමට
Hello December
මගෙ දෙසැම්බර් රුචිය
ඔබ නිසාමයි සබද
නොමැති නම් නුබේ දින
මේ පාලු සීතලට
මං ප්‍රේම කරනු කිම
වැසි වැටෙන හැමදාම
මා හදත් ගිලන් වන
වැටෙන වැහි කෝඩුවට
නොතෙමීම සැගව යන
තොල ගාන කිරි කෝපි
රුචි නොවේ කිසිම දින
මැදි වෙච්ච සිගරට් දුමට
පෙම් බදින නුබට මිස
ඒවාට නැත රුචිය
ඉතින් මේ මං කැමති
මේ පාලු රාත්‍රියට
වසරකට වරක් හෝ
ගන්න හැකි ඇමතුමට
ආදරේ
ආදරේ කියන්නෙම
එක පුංචි කවියක්
හැම රසම ගුලි වෙච්ච
සුබ අලුත් සෘතුවක්
ආදරේ කියන්නෙම
තවත් එක දවසක්
වැසි වැටෙන මොහොතකත්
මා නිවන හැගුමක්
ආදරේ කියන්නෙම
එකම එක වැකියක්
නුබ ලගම නොමැති මුත්
ලග දැනෙන හැගුමක්
ආදරේ කියන්නෙම
මිහිරිතම ස්වප්නයක්
සද නොමැති රෑ වුනත්
නුබ සිටන මොහොතක්
ආදරේ කියන්නෙම
මහ නපුරු රිදුමක්
මා හදේ සැග වෙච්ච
එක පුංචි ඉකියක්
වැහි කදුලු
ඉතින් මේ හිස් ගුවන අඩන්නේ කුමකටද
මගෙ හදේ ඇති කදුලු අහස බිම දැම්මාද
පාලු නෑ නුඹ යන්න සිනාසී කීවාට
හදවතම දැවුනු බව අහස නුබ දැක්කාද
ඉදහිටක ඉකියකුත් මේඝයට හැරුනාද
හදවතම ගැස්සිලා ඔහු කොහේ සෙව්වාද
කමක් නෑ හෙට ඉදන් ඔහු මගෙයි සිතුවාද
ඔහු නොමැති මගෙ පාලු අහසටත් දැනුනාද
සුදු පාට වලාකුළු අලු පාට ගෙන මොකද
කෝපි මෙන් උණුසුමක් ඔහුගෙ ගත වැදුනාද
පොතක් මෙන් ඇගේ ගත ඒ නෙතේ රැදුනාද
මං නොමැති දින හොදින් ඈ එක්ක ගෙව්වාද
කදුලු කැට එකින් එක බිම සිබින්නේ මන්ද
ඔහු නොමැති පාලු දින මේ තරම් දිගු ඇයිද
සද නොමැති රෑකටම බය හිතෙන්නේ මන්ද
ඒ වතේ උණුසුමම හිත යදින්නේ මොකද
ඇය (නුඹ) මම
නුබ නමට මගේ කවි එකින් එක ලියවුනත්
අපි අපට අහිමි බව අපි අපෙන් හැංගුවත්
නුබ මෙමට අයිති බව මා නුබට කියූවත්
ඔය සුරතෙ ඇති මුදුව ඔබ ඇගෙන් ලැබූවක්
මා නුබේ පෙම්වතිය බව ලොවට කියූවත්
ඔහු මෙමට පෙම් කරන බව ඇයට වැසූවත්
හැම දාම ලග ඉන්න හෙටක් ගැන පැතූවත්
නුබෙ ඇගේ අයිතියම නීතියෙන් පිදූවක්
ජීවිතේ හැම හීන කදුලු වී ගැලූවත්
අපි අපිට හැංගෙමින් රෑ පුරා හැඩූවත්
නිදි නොමැති රෑ ගණන් එකතු වී ගෙවූවත්
වසන්තය ඇවිත් යයි මේ ලෙසට වතාවක්
රෑ සිහිනවල හොදින් ජීවිතය මැවූවත්
හීනවල පන ලබා දින ගණන් ගෙවූවත්
ආදරේ නුබට මයි අපි අපට කියූවත්
අවදි වී යා යුතුය එයට ඇත වෙලාවක්