පිවිතුරුයි ආදරය සුදු පාට තරමටම
ලෙන්ගතුයි නුඹ සිතට ගීතයක් පමනටම
කතන්දර පොත්වලින් පෙර කියූ විදිහටම
සිපගන්න හිතයි මට නුබේ ඔය නිල් නුවන
ගිම්හානෙ ලන් වුනත් නුඹ හිතේ රදෝගෙන
ලගම එන වසන්තය ගැන හීන මවාගෙන
මැයි ගහෙන් බිම වැටෙන් මල් දෙසත් බලාගෙන
මන් ඉදී මෙහෙම්මම පැත්තකින් වාඩිගෙන
දැනෙන හැම රිදුමක්ම ආදරෙන් දරාගෙන
ඇගෙ නමින් ගයන ගී මගෙ නමින් අසාගෙන
නුඹ නැතිව ගෙවෙන දින එකින් එක ගෙවාගෙන
මන් ඉදී මගෙ ලෝකෙ තනියෙන්ම හදාගෙන
ගන් ඉවුර සිප ගන්න මගේ කදුලැලි වලින්
නිතරෝම අසනවලු ගන් ජලය හෙමි හෙමින්
ආදරෙන් එකින් එක එකතු කළ මතකයන්
ඇයිද දිය කරලන්නෙ උණුම උණු කදුලකින්