දැන් ඉතින් නික්මෙන්න
ශ්වේත පැහැ වළාකුලු
නිල් අඹර හැර යන්න
විහගුනේ දැන් ඉතින්
මගෙ ගෙපැල හැර යන්න
හරිත පැහැ විලෝපත්
දැන් ඉතින් වැලපෙන්න
චන්ඩ වූ හිරු කිරණ
මයෙ කදුළු වියලන්න
රොබරෝසි මල් පොකුරු
දැන් ඉති වෙන් වෙන්න
මගෙ පැතුම් ඒ එක්ක
වෙන් වෙලා විසිරෙන්න
මහ නපුරු ගිම්හානෙ
දැන් ඉතින් ලන් වෙන්න
මල් පිපුනු වසන්තය
දැන් ඉතින් හැර යන්න
මින්දදගෙ හී සරය
හැකිද ගලවාලන්න
නුබේ සැනසුම සොයා
දැන් ඉතින් නික්මෙන්න
This comment has been removed by the author.
ReplyDeleteසැනසුම බෝ දුර නොවෙයි
Deleteනුඹෙ හද මතම වෙයි..
සෙවණැලි කඳුළු පිසලන්
ඉතින් මිතුරුය හිනැහෙන්න..
ලස්සන කවිය ව.පෙ... ජයවේවා
*මිතුරිය
ReplyDeleteපාලුවෙන් පිරිච්ච කවියක්.. ඒත් ලස්සනයි..
ReplyDeleteදැන් ඉතින් නික්මෙන්න....... හා ඔන්න අපි ගියා...
ReplyDeleteNice..
ReplyDelete