Wednesday, January 5, 2022


 සීතලම මදනලේ හැකිවෙයිද දුර යන්න

මගෙ කදුලු බිදු අරන් දුර ඈත පියඹන්න

නුබේ මතකයම ඇති බිදුන සිත සනසන්න

හැකිවෙයිද මගෙ ලොවට ඉරක් වී පායන්න


Wednesday, December 29, 2021

එතනිනුයි ආදරේ ලියවුනේ නුබ නමට


එතනිනුයි ආදරේ ලියවුනේ නුඹේ නමට



ඔබේ ඔය සිනාවල මගේ නම රැදෙන විට
ගයන හැම ගීකම මගේ ගැන ගැයෙන විට
කියන මං හැමදේම ඔබ හොදින් අසන විට
එතනිනුයි ආදරේ ලියවුනේ නුඹේ නමට

පරිගනක තිරය මත දුරකථනෙ පුරාවට
නුබ එවපු පනිවිඩම එහෙ මෙහෙ දුවන කොට
මගේ හිත එක් කොනක් නුඹේ නම සොයන කොට
එතනිනුයි ආදරේ ලියවුනේ නුඹ නමට

සුන්දරම හීනවල නුඹ සෙමින් රැදෙන කොට
කවිකාර සැදෑවල නුබ ගැනත් හිතෙන කොට
අපේ ගැන මතකයන් මට සිනා ගෙනෙන කොට
එතනිනුයි ආදරේ ලියවුනේ නුඹ නමට

හැම වැඩම මග ඇරන් මා වෙතම රැදෙන විට
සති අන්ත එකින් එක මගෙ නමට ලියන විට
වැටෙන වැහි බිදු වලින් නුබ මාව රකින විට
එතනිනුයි ආදරේ ලියවුනේ නුඹ නමට

Monday, December 13, 2021

Hello December

Hello December  

 



මගෙ දෙසැම්බර් රුචිය

ඔබ නිසාමයි සබද

නොමැති නම් නුබේ දින

මේ පාලු සීතලට

මං ප්‍රේම කරනු කිම


වැසි වැටෙන හැමදාම

මා හදත් ගිලන් වන

වැටෙන වැහි කෝඩුවට

නොතෙමීම සැගව යන


තොල ගාන කිරි කෝපි

රුචි නොවේ කිසිම දින

මැදි වෙච්ච සිගරට් දුමට

පෙම් බදින නුබට මිස

ඒවාට නැත රුචිය


ඉතින් මේ මං කැමති

මේ පාලු රාත්‍රියට

වසරකට වරක් හෝ

ගන්න හැකි ඇමතුමට

Friday, November 5, 2021

ආදරේ

ආදරේ  



 


ආදරේ කියන්නෙම  

එක පුංචි  කවියක්

හැම රසම ගුලි වෙච්ච 

සුබ අලුත් සෘතුවක්


ආදරේ කියන්නෙම 

තවත් එක දවසක්

වැසි වැටෙන මොහොතකත් 

මා නිවන හැගුමක්


ආදරේ කියන්නෙම 

එකම එක වැකියක් 

නුබ ලගම නොමැති මුත් 

ලග දැනෙන හැගුමක්


ආදරේ කියන්නෙම

මිහිරිතම ස්වප්නයක්

සද නොමැති රෑ වුනත් 

නුබ සිටන මොහොතක්


ආදරේ කියන්නෙම 

මහ නපුරු රිදුමක්

මා හදේ සැග වෙච්ච 

එක පුංචි ඉකියක්

Saturday, October 30, 2021

වැහි කදුලු


 

වැහි කදුලු





ඉතින් මේ හිස් ගුවන අඩන්නේ කුමකටද

මගෙ හදේ ඇති කදුලු අහස බිම දැම්මාද

පාලු නෑ නුඹ යන්න සිනාසී කීවාට

හදවතම දැවුනු බව අහස නුබ දැක්කාද


ඉදහිටක ඉකියකුත් මේඝයට හැරුනාද

හදවතම ගැස්සිලා ඔහු කොහේ සෙව්වාද

කමක් නෑ හෙට ඉදන් ඔහු මගෙයි සිතුවාද

ඔහු නොමැති මගෙ පාලු අහසටත් දැනුනාද


සුදු පාට වලාකුළු අලු පාට ගෙන මොකද

කෝපි මෙන් උණුසුමක් ඔහුගෙ ගත වැදුනාද

පොතක් මෙන් ඇගේ ගත ඒ නෙතේ රැදුනාද

මං නොමැති දින හොදින් ඈ එක්ක ගෙව්වාද


කදුලු කැට එකින් එක බිම සිබින්නේ මන්ද

ඔහු නොමැති පාලු දින මේ තරම් දිගු ඇයිද

සද නොමැති රෑකටම බය හිතෙන්නේ මන්ද

ඒ වතේ උණුසුමම හිත යදින්නේ මොකද

Tuesday, October 12, 2021

ඇය (නුඹ) මම

ඇය (නුඹ) මම




නුබ නමට මගේ කවි එකින් එක ලියවුනත්

අපි අපට අහිමි බව අපි අපෙන් හැංගුවත්

 නුබ මෙමට අයිති බව මා නුබට කියූවත්

ඔය සුරතෙ ඇති මුදුව ඔබ ඇගෙන් ලැබූවක්


මා නුබේ පෙම්වතිය බව ලොවට කියූවත්

ඔහු මෙමට පෙම් කරන බව ඇයට වැසූවත්

හැම දාම ලග ඉන්න හෙටක් ගැන පැතූවත්

නුබෙ ඇගේ අයිතියම නීතියෙන් පිදූවක්


ජීවිතේ හැම හීන කදුලු වී ගැලූවත්

අපි අපිට හැංගෙමින් රෑ පුරා හැඩූවත්

නිදි නොමැති රෑ ගණන් එකතු වී ගෙවූවත්

වසන්තය ඇවිත් යයි මේ ලෙසට වතාවක්


රෑ සිහිනවල හොදින් ජීවිතය මැවූවත්

හීනවල පන ලබා දින ගණන් ගෙවූවත්

ආදරේ නුබට මයි අපි අපට කියූවත්

අවදි වී යා යුතුය එයට ඇත වෙලාවක්

Saturday, September 4, 2021

පොරොන්දු වුණා නම්

 පොරොන්දු වුණා නම්








තල් වැටට නොපායනා සඳ

මෝදු වුනත් අමාවකට සයිබෙට

හොද නැතිලු විදගන්න සඳකැන්

අවාරයේ කාටත්ම හොරැහින්


සීත සුළන් හමනා විට

තව තවත් නපුරු හිම කැට

සිප ගන්න විට අපේ නලලත

කැළණි ගන් තුහිනවලට මෙන්ම

ඉඩ දෙන්න තිබුනා නුඹටත්

හිමිහිට තුරුළු වෙන්න හදවතට

නුඹ මගේ දුල්ශෙයින් වුනා නම්


පච ගස් සෙවනේ තනි වුණු බන්කුවේ

සත්තයි ලගින් ඉන්නවා මන්

දෙවොන්දරා නොරිකොව තනිකරා වගේ

තනි නොකරන බව පොරොන්දු වුණා නම්