උගත් පාඩම් හා ප්‍රතිසන්විධාන
අවුරුදු 13ක පාසල් ජීවිතේකට ටටා බායි කියුවට පස්සෙ ඊගාව නැවතුම වුනේ විශ්ව විද්යාලය. අලුත් හැගීමක්, ආසාව බය එක්ක කැටිවෙච්ච අමුතුම හැගීමක් එක්ක විශ්ව විද්යාලයට පියමැන්න හැටි 1 වසරෙදි ඉස්කෝලෙට ඉස්සරලම ගිය දවස වගේ හිතේ තියේවි හැමදාටම.
දවස් තුන හතරකට වඩා ගෙදරින් පිට හිටියෙ නැති, ඊටත් වඩා දැන් දිගටම මෙහෙම තමා කියලා දැනෙද්දි ඇතිවෙන හැගීම මොකක්ද කියලා මන් තවම හොයනවා.කොච්චර ලොකු ආසාවක් හිතේ තිබ්බත් ඒ දවස ලන් වෙද්දි යන්න හිතුනෙම නෑ. ඒත් මොනා කරන්නද?හිත හදාගෙන යන්න වුණා.
FB 1 හදපු මාර්ක් අයියා හන්ද වි.වි. යන්න කලින්ම යාලුවො ටිකක් හොයාගන්න පුලුවන් වුණා.ගොඩාක් ලගින් හිටපු යාලුවො තුන්දෙනෙකුත් එක්ක වෙලාවක් කතාකරගෙන ටිකක් දවල් වෙලා ගියෙ උදේම ගිහින් මොනා කරන්ඩද කියලා හිතපු හන්දා.කවදාවත් හැබැහින් දැකලා නැති යාලුවොත් එක්ක එකට ඉන්න එකනම් අමුතුම අත්දැකීමක් වෙයි කියලා නොහිතුනාම නෙමේ.කොහොම හරි වෙලාවට එකතු වුන කට්ටියට එකම නේවාසිකාගාරයක එකම කාමරයක් බෙදාගෙන ඉන්න වාසනාව ලැබුනා තව අලුත් යාලුවෙක් එක්ක වුනත්.
සාමාන්යෙන් සිද්දවෙන විදියට කලින් යන අයට හොද දේවල් ලැබිලා පහුවෙලා යන අයට හම්බෙන්නෙ නරක දේවල්. එත් උදෙන්ම ගිය අයට හම්බෙච්ච කාමරවලට වඩා අපිට හම්බෙච්ච් කාමර ගොඩාක් හොදයි. අලුත්ම අලුත් කාමර. අලුත් බඩු.නොහිතපු තරම්ම ඉස්තරම්ම බවක් ඒ කාමරවල තිබ්බා.කලින් අදුරගෙන හිටපු යාලුවො ටිකක් හන්ද ඒ තරම් නුහුරු නුපුරුදු බවක් නම් දැනුනෙ නෑ..
අපි ඉරිදා නවතින්න ගියාට පටන් ගත්තෙ සදුදා.උදේ නැකිටලා පිට්ටනියට යන්න තිබ්බෙ 6ට.අලුත් පරිසරයක්.එච්චර හොදට නින්ද ගියෙ නැති තරම්.අපි ඔක්කොම් උදේ 3.30ට නැකිට්ටෙ ලෑස්ති වෙන්න වෙලා යයි කියලා හිතලා.පලවෙනි දවසෙ 3.30ට නැකිට්ට අපි දෙවෙනි දවසෙ 3.45ට නැකිටලා ලෑස්ති වෙලා 5.30ට පිට්ටනියට ගියා PTවලට.6.15ටයි ඉන්න කියලා තිබ්බේ.ඒත් අපි යද්දිත් ගොඩක් අය පිට්ටනියට ඇවිත් හිටියා.ඔහොම පටන් ගත්ත අපි සති 2 වෙද්දි 6ට නැකිටලා 6.30ට කාමරෙන් පිටත්වෙලා පිට්ටනියට යන්න පුරුදු වුනා.
කෑම ගැනත් මේ ටික දවසට ගොඩාක් දේවල් ඉගනගත්තා. 5 දෙනෙක්ට කෑම 4ක් ගත්ත අපිට 5 දෙනෙක්ට කෑම 3ක් වැඩිත් එක්ක කියලා තේරුම් ගන්න නම් දවස් දෙක තුනක් විතර ගියා. ගෙදරදි අපි කැමති විදියට කාපු අපිට ලුනු මිරිස් මොකුත් නැති කැන්ටින් බත් එක කද්දි ගෙදර එන්න නොහිතුනාම නෙමේ.ගත්ත කෑම එක කන්න බැරිව අතගාලා විසික් කරපු දවස් නොතිබුනාමත් නෙමේ.එක කැන්ටිමක ලුනු මිරිස් මොකුත් නොදා උයද්දි තව කැන්ටිමක මිරිස් ගමකට දාන්නෙ කනවා තියා කටේ තියන්නවත් බැරිව.ගෙවල් වලින් හදන් ආපු කෑමවලට පින් සිද්ද වෙන්න කොහොම හරි බත් ටිකක් කෑවා.පෝලින්වල ඉන්න බැරිව කෑම නොකා හිටපු වේල් නොතිබුනාම නෙමේ.
ගෙදර ඉද්දි රස කර කර කන නූඩ්ල්ස් එක වතුර රත් කරලා, උණු වතුරට දාලා තම්බලා වතුර ටික පෙරලා ඒකට රසකාරක ඉහන් කද්දි කවදාවත් වතුර එකටම දාලා නූඩ්ල්ස් තම්බද්දි එන රහ එන්නෙ නෑ.ඒ රහ ගෑ වෙන්නෙ වත් නෑ.
තවත් විස්තර ඇත. පසුවට කියන්නම්කො
ඉස්සර වෙලා කියන්න වසන්තයට පෙර මොන පලාතෙද කියලා.. ඔයාලගේ 'නැකිට්ටේ' කියන වචනේ මට නුහුරුයි...
ReplyDeleteතව සති දෙක තුනක් යනකොට ඔය නුහුරු ගතිය මග හැරිලා යාවී...
ඉස්සරහට වෙන දේ බලමුකෝ..
මන් වයඹ. දිස්ත්‍රික්කෙ නම් කුරුණෑගල. එතකොට සින්හ ඔයා මොන පලාතෙද? හිටගන්නවා කියන එකට විතරක් නෙමේ අපි නැකිට්ටා කියනවා අවදිවෙනවා කියන එකටත්.මේකෙ මන් අදහස් කරේ අවදිවෙනවා කියන එක
Deleteනැගිටීම = නැකිටීම? සතුටින් පිරි වි.වි දිවියක් පතමි
ReplyDeleteඔව් ඔව් ඉයන්. ගොඩක් ස්තූතියි
Deleteහොදින් ඉගෙන ගන්න.
ReplyDeleteහරි කුකුළු
Deleteඊලගට රැග් එකද? හිහ්
ReplyDeleteරැග් ගැන ලියන්න තව කල් තීනෝ. ඉවසන්න ඉවසන්න. සාදරයෙන් පිලිගන්නවා ලලිත් ඔයාව
ReplyDeleteශා.....නියම කතාව සිනේ..මටත් ඔය කට්ට කන්න අසා හිතෙනවා..හිහ්
ReplyDeleteශා.....නියම කතාව සිනේ..මටත් ඔය කට්ට කන්න අසා හිතෙනවා..හිහ්
ReplyDeleteකොයි තරම් සුන්දර වුණත් කැම්පස් ජීවිතේ සුන්දර පොඩි කට්ටකුත් කනකොට තමයි නේද...))
ReplyDelete/එක කැන්ටිමක ලුනු මිරිස් මොකුත් නොදා උයද්දි තව කැන්ටිමක මිරිස් ගමකට දාන්නෙ කනවා තියා කටේ තියන්නවත් බැරිව./
ReplyDeleteඔය කැන්ටිං දෙකෙම්ම බත් දෙකක් ගෙනත් එකට අනල කෑවනං ඉවරනෙ...