ඇති නේද දුන්න දුක
සීතලෙන් සීත වුන
බස් නැවතුමේ කොනක
නුබ හිටිය මතකයිද
ආදරේ පුරෝගෙන
මන් බොහොම පෙම් බැන්ද
සුදු පාට අත් දිග කමිසෙ
සොයනවා මන් තවම
නුබ ඇතැයි සිතාගෙන
ඉද හිටක මට දැනෙන
නුබේ විලවුන් සුවද
ගස්සාලා මගේ සිත
දුවනවා මතක වෙත
පෙරදාක නුබ දුන්න
මතක පොදි මහ ගොන්න
තියනවා පෙර මෙන්න
හදවතේ එක් කොනක
හැර ගිහින් බෝ දුරක්
ඇති නේද දුන්න දුක
ලන්වෙලා ආයෙමත්
හිනැහෙමුද පෙර මෙන්ම
අහිමි වෙලා ගිය දෙයක් ආයේ හිත ලගට ගේන්න හරිම අමාරුයි.
ReplyDeleteහ්ම්. ඒක නම් ඇත්ත
ReplyDeleteපෙර මතකයන් මිහිරි මෙන්ම අමිහිරියි..
ReplyDeleteලස්සනයි වසන්තයට පෙර...
ඔව් සි0හ
Deleteලස්සනයි...
ReplyDeleteස්තූතියි. සාදරෙන් පිලිගනවා
Delete//ලන්වෙලා ආයෙමත්
ReplyDeleteහිනැහෙමුද පෙර මෙන්ම//
ලස්සනයි.
ස්තූතියි ලලිත්
Deleteමතක කියන්නේ හීන ගොඩක්ම විතරයි.
ReplyDeleteඒක නම් ඇත්ත කටුසු
Deleteඅයියෝ කතා කරන්ඩ එපා ඔය ගැන.
ReplyDeleteවෛරස් එකක් ආවම කම්පියුටරේ සෑහෙන කොටසක් ඩැමේජ් කරනව වගේ තමයි, ඔය මතක...
අපි කොම්පියුටරේ ෆෝමැට් කරමු ඩ්‍රැකී
Deleteඅපි කොම්පියුටරේ ෆෝමැට් කරමු ඩ්‍රැකී
Deleteවෛරස් එක හරියට තේරුම් අරං කොරන්ටයින් එකට දාල, අපි අපේ දෛනික වැඩකටයුතු ටික කරගෙන හිටියනං ඉවරයි. ෆෝමැට් කරනව කියන්නෙ මැරිල ඉපදෙනව වගේ වැඩක්.
Deleteපෝස්ට් එකක් දා ලා මකලා නේ....
ReplyDeleteඔන්න ආයෙ දැම්මා ඒක සි0හ
Deleteලස්සනයි..........
ReplyDeleteස්තූතියි කුරුටු
Delete