හඳ ආදරේ ඉරටලු
කහ පැහැති රජනිකර
මහ නපුරු රෑ යාමෙ
තනිකමින් ඉන්න සද
පුන්චි තරු කැට එක්ක
ඔට්ටු සෙල්ලම් කෙරුවාට
කඩිමුඩියෙ ගමන් යන
කණාමැදිරි පැටියෙක්ට
පොඩිම පොඩි සරදමක්
ඉදහිටක කෙරුවාට
කප්පරක් බොරු ගොතා
එකින් එක ගලපවන
හෙන්දිරික්කාවකට
හිනාවක් නැගුවාට
සුදු පැහැති සඳ කිරණ
හෙමි හෙමින් ආදරෙන්
සුලගෙ පා කර ඇවිත්
සේපාලිකා මල්
ඇස් අරින හැටි
ස්නේහයෙන් බැලුවාට
හිටියමුත් දුර ඈත
රතු පාට සහස්කර
ආදරෙන් පිච්චෙමින්
රජනිකර බබලන්න
ආලෝකෙ දුන්න හැටි
මතකයිලු පෙර මෙන්ම
පහුවෙනිදම පෝස්ට් එකක්..
ReplyDeleteලස්සනයි වසන්තයට පෙර.
ස්තූතියි සි0හ.
ReplyDeleteහෙට උදේම යනවනෙ.ආයෙ ටික දවසකින් තමයි එන්න වෙන්නෙ.ඒ හන්ද අලුතින් පෝස්ට් එකක් දැම්මා ඔන්න
This comment has been removed by the author.
ReplyDeleteලස්සනයි වපෙ..
ReplyDeleteමං හිතන්නෙ හෙටානිද්ද ගියපුවාම කැම්පස් පැත්තෙ සෑහෙන්න බිසී වෙයි හිහි
රැග් කවිත් කියවන්න පුලුවංවෙයි හිහි..
අපූරුයි මචෝ.
ජයෙන් ජයම වේවා
ස්තූතියි මහේශ් :)රැග් එක්ක බිසී වෙයි වගේ යන විදියට. බලමුකො බලමුකො :)
Deleteරජනිකර කිව්වේ හඳ ද?? ලස්සනයි කවිය..!
ReplyDeleteස්තුතියි වැසි. ඔව් හඳ තමා
Deleteලස්සන යෙදුම් පිරුණු ලස්සන කවියක්
ReplyDeleteජයවේවා!
ගොඩක් ස්තුතියි
Deleteහරි ලස්සන බ්ලොග් එකක්. බ්ලොග් ලිස්ට් එකට දාන්නම් හොදේ
ReplyDeleteස්තුතියි කුකුළු
Deleteස්තුතියි කුකුළු
Deleteරජනිකර කියන වචනෙ හැදුනෙ කොහොමද?
ReplyDeleteහඳට කියන සමාන වචනයක්
Deleteහඳට කියන සමාන වචනයක්
Deleteඇත්තද?
Deleteඇත්තද?