Sunday, February 28, 2016

හීනයක් තිබුනා

 හීනයක් තිබුනා



හදවතේ එක් කොනක
ගැහි ගැහී පන අදින
අතීතය මත ලියවෙච්ච
අහින්සක  හීනයක් තිබුනා

කවි කතා පොත් අතර
හොර හොරෙන් සගවාපු
වසන්තය ගැන ලියවිච්ච
ලස්සනම හීනයක් තිබුනා

ඔය මුවේ හිනාවෙන්
නුබ කියූ කතාවෙන්
හෙමි හෙමින් හුස්මගත්
සුන්දරම  හීනයක් තිබුනා

වැටෙනා හැම විටම
යලි යලිත් නැකිටින්න
මට බොහෝ උදවු දුන්
සතුට පිරි හීනයක් තිබුනා

අපි දෙන්න වෙන් වෙච්ච
දින ගැලු කදුලැල්වලට
යටවෙච්ච  හීනයක්
මියැදෙමින් තිබුනා

13 comments:

  1. වචන ටිකක් එහාට මෙහාට කරල ගත්තනම් හොඳ ගීතයක් ලියන්න පුලුවන්

    ReplyDelete
  2. මියැදෙමින් ඇහැරිච්ච
    හද පුරා තැවරිච්ච
    මතක පිනි ඉහිරිච්ච
    හීනයක මුදු මතක

    ReplyDelete
  3. ලස්සනයි ගොඩාරියක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩාරියක් සි0හ

      Delete
    2. ඔය බිංදුව ගොඩාරියක් ලොකු උනේ මොකද??
      බින්දුවද ඔතන තියෙන්නේ.. O අකුරද?

      Delete
  4. ඔතන තියෙන්නෙ ඉලක්කම්වල එන බින්දුව සි0හ. අකුරුවල එන 0 හම්බුනේ නෑ මට

    ReplyDelete
  5. සුන්දරයි........... ජය

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. sry ඒම ලියවුනා නම්. හැබැයි මන් ඔයා වගේ ඒ විදියටම කොපි කරලා නෑ.තව ඔයගෙ සමහර කවි අස්සෙ මගෙ අයියගෙ කවි හැන්ගිලා නෑ කියලා මන් හිතාගන්නම්කො

      Delete